නව නාවික හමුදාපති එස්.එස් රණසිංහ

නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහ මහතා පත්කර තිඛෙනවා.

ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප‍්‍රකාරව මෙම පත්කිරීම සිදුකර තිබෙන අතර, නව පත්වීම හෙට සිට කි‍්‍රයාත්මක වීමට නියමිතයි.

නව පත්වීමත් සමග රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහ මහතා වයිස් අද්මිරාල් නිලයට උසස් කර තිඛෙනවා.

රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහ මහතා අදාළ පත්වීම් ලිපිය අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා අතින් ලබාගත්තා.