නව ව්‍යවස්ථාවට අදාළ කමිටු වාර්තා 5ක් පාර්ලිමේන්තුවට


යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ විද්වත් කමිටු වාර්තා පහක් අද
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්.

මෙහිදී වාර්තා ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රට පාවා නොදෙන අතර බුදුදහමට ඇති ප්‍රමුඛතාව හා රටේ ඒකීය භාවය වෙනස් කිරීමට නව ව්‍යවස්ථාවකින් කටයුතු නොකරන බවයි.

මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් නොවන බවත් වික්‍රමසිංහ මහතා කියා සිටියා.

ඉන් අනතුරුව අදහස් දැක්වූ හිටපු විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු දිගුකාලීන අවශ්‍යතාවක් බවයි.

පසුව අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ අදාළ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජනා සම්බන්ධයෙන් විද්වත් කමිටු තුළඳ එකඟතාවක් නොමැති බවයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.