නිධානයකින් ගොඩගත් නිල් මැණිකක් සමග සැකකරුවන් කොටුවෙයි

ගල් තලාවක තිබූ කුඩා විලක් සහිත ස්ථානයක තිබූ නිධානයකින් ගොඩ ගනු ලැබූ නිල් පැහැති මැණික් ගලක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. නවගත්තේගම, රළපනාව, මහායාය රක්ෂිතයේ ගල් තලාවක තිබී  මැණික්ගල ගොඩගෙන ඇති අතර එහි වටිනාකම මෙතෙක් තක්සේරු කර නැති බවත්, එහි ප්‍රමාණය සාමාන්‍යයෙන් කිකිළි බිත්තරයක ප්‍රමාණයට සමාන බවත් පොලිසිය සඳහන් කළා.
මැණික් ගල තිබූ ස්ථානයේ තිබී නෙලුම් මලක හැඩයක් සහිත කවාකාර ශෛලමය කොටසක්ද පොලිසිය විසින් සොයාගෙනතිඛෙනවා. මැණික් ගල තිබූ ස්ථානය එම ශෛලමය කොටසින් ආවරණ කර තිබූ තිබූ බවයි අනාවරණ වන්නේ.
අදාළ මැණික් ගල තිබූ ස්ථානය අඟල් 4ක් පමණ ගැඹුරැති අඟල් 8ක් පමණ විශ්කම්භයක් සහිත ස්ථානයක් බවද, සැකකරුවන් අදාළ මැණික්ගල ගොඩගත් අවස්ථාවේදීම පොලිසිය විසින් ඔවුන් කොටුකරගෙන ඇති බවද වාර්තාවුණා.අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා මාතර හා නිට්ටඹුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් .මැණික් ගලේ වටිනාකම තක්සේරු කිරීම හා අනෙකුත් කටයුතු සඳහා අදාළ මැණික් ගල  ස්වර්ණාභරණ අධිකාරිය වෙත රැගෙන ගිය අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිඛෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Social media & sharing icons powered by UltimatelySocial