You are here
Home > ගොසිප් > නිර්භයාගේ ඝාතකයින්ට මරණ දඩුවම යළි තහවුරුයි

නිර්භයාගේ ඝාතකයින්ට මරණ දඩුවම යළි තහවුරුයි

ඉන්දියාවේ නවදිල්ලි නුවරදී බස් රථයක් තුල වෛද්‍ය සිසුවියක් අතවරයට ලක්කර ඝාතනය කිරීමේ සිද්ධියේ චූදිතයින්ට නියම කළ මරණ දඩුවම එරට මහාධිකරණය විසින් අද යළි තහවුරු කර තිබෙනවා.
ඒ තමන්ට නියමවූ මරණ දඩුවමට එරෙහිව චූදිතයින් ගොනුකළ අභියාචනා පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කීරීම සමගයි.
ඒ අනුව නිර්භයා නම් අන්වර්ථනාමයෙන් හදුන්වන එම තරුණියගේ ඝාතකයින්ට ඉදිරි දින කිහිපය තුල මරණ දඩුවම ක්‍රියාත්මක කරනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ අනුව මරණ දඩුවම නියමවූවන් අතරින් තුන්දෙනකුගේ අභියාචනා මෙසේ ප්‍රතික්ෂේප වූ අතර 4 වන තැනැත්තා අභියාචනයක් ගොනුකර තිබුණේ නැහැ.

Top