නිව්යෝර්ක් ටයිම්ස් පුවත ගැන අනිද්දා පාර්ලිමේන්තුවේ විවාදයක්

2015 ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රුාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් හම්බන්තොට වරායට සම්බන්ධ චීන සමාගම ඩොලර් මිලියන 7.6 ක් ලබාදුන් බවට නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත කළ අනාවරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිඛෙනවා.
ඒ අනුව අනිද්දා දිනයේදී විවාදය පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මහලේකම්වරයා සදහන් කළේ.
එක්සත් ජාතික පක්ෂය විසින් විවාදය ඉදිරිපත් කරන අතර කල් තැබීමේ විවාදයක් ලෙස එය පැවැත්වීමට නියමිතයි.