නිව් යෝර්ක් ටයිම්ස් වාර්තාව විකෘති වාර්තාවක් / චීනයෙන් චෝදනා

මෙරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත පල කළ වාර්තාව විකෘති කරන ලද එකක් බව චීන විදේශ අමාත්‍යාංශය පවසනවා.චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලු කංග් ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පවසා ඇත්තේ නිව්යෝක් පුවත් සේවය පළ කළ ලිපිය පිළිබඳව අදහස් දක්වමින් .

ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට අදාළව හම්බන්තොට වරාය තුළ චීනය හා ශ්‍රී  ලංකාව තවදුරටත් සහයෝගයෙන් කටයුතු කරන බවයි චීන විදේශ අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී අවධාරණය කළේ.

හම්බන්තොට වරාය ඉදිකිරීමට චීනය කටයුතු කළේ ශ්‍රී ලංකා රජයේ / ජනතාවගේ කැමැත්ත අනුව බවත්, චීනය සිය සමාගම් වෙත හම්බන්තොට වරායේ කටයුතු කිරීමේදී වාණිජ ප්‍රතිපත්තීන් මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන අයුරින් කටයුතු කිරීමට උපදෙස දී ඇති බවත් ලු කංග් මහතා මෙහිදී කියා සිටියා.