නිහඩ කාලය ඇරඹෙයි / ප්‍රචාරණ කටයුතු කළොත් අත්අඩංගුවට

පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු මේ වන විට අවසන්ව ඇති බැවින් නිහඬ කාලය තුළ කුමන හෝ ආකාරයකින් මැතිවරණ ප්‍රචාරක කටයුත්තක යම් පුද්ගලයෙක් නියැලී සිටියහොත් එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගන්නා බව ‍පොලිස් මූලස්ථානය පනිවේදනය කරනවා.
ඊයේ (7) මධ්‍යම රාත්‍රී 12.00න් පසු මැතිවරණයට අදාළව කෙරුණු සියලු ප්‍රචාරක කටයුතු අවසන් වූ අතර එතැන් සිට මැතිවරණ දින (10) තෙක් පැය 48ක නිහඬ කාලයක් ලෙස සලකනු ලබනවා.එම කාලය තුළ කිසියම් අපේක්ෂකයකු හෝ ආධාරකරුවකු ඡන්දය ඉල්ලා නිවසින් නිවසට යාම, අත්පත්‍රිකා ‍පෝස්ටර් ආදිය බෙදාහැරීම හෝ ප්‍රදර්ශනය කිරීම තහනම් ක්‍රියාවක් ලෙසයි සැලකෙන්නේ.

එහෙත් අපේක්ෂකයා ගමන් ගන්නා වාහනයේ පමණක් කොඩියක් ප්‍රදර්ශනය කළ හැකි බවත් පැය 48 නිහඬ කාලයේ මෙම නීතිරීතිවලට අනුකූලව කටයුතු කරන ලෙසත් ‍පොලීසිය අපේක්ෂකයින් හා ආධාරකරුවන්ගෙන් ඉල්ලීමක් සිදුකළා.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.21