නිළියගේ ලිංගික චෝදනාවෙන් බොලිවුඩය කැලඹෙයි

බොලිවුඩයේ හිටපු රංගන ශිල්පිණියක වන තනූශ්‍රී දත්තා විසින් බොලිවුඩ් පුරයේ රංගන ශිල්පිණියන්ට එල්ලවන ලිංගික බලපෑම් පිළිබද අනාවරණ කිරීමෙන් පසු ඇයට සහාය පල කිරීමට සුපිරි නළු නිළියන් රැසක්ම එක්ව සිටිනවා.
රංගන ශිල්පිණිය ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනාවරණ කළේ 2005 වසරේදී චොකලට් නම් සිනමා පටයේ රංගනය සදහා තමන් එක් කර ගත් එහි අධ්‍යක්ෂ විවේක් අග්නිහෝත්‍රා තමන්ට ලිංගික බලපෑම් එල්ල කළ බවයි.
තමන්ට දර්ශන තලයේ නිරුවත් වන ලෙස අධ්‍යක්ෂකවරයා බලපෑම් කළද මේ පිළිබද දැනගත් සුපිරි රංගන ශ්ලිපීන් වන සුනිල් ෂෙට්ටි හා ඉර්ෆාන් ඛාන් තමන් එම බලපෑමෙන් මුදාගත් බවයි ඇය ඩී එන් ඒ ඉන්දියා වෙත අදහස් දක්වමින් කියා සිටියේ.
මේ අතර 2008 වසරේදී ප්‍රකට නලු නානා පටේකාර් විසින්ද තමන්ට සිනමාපටයක් අතරතුර ලිංගික බලපෑම් එල්ල කළ බව ඇය අනාවරණ කරනු ලැබුවා.
මේ අතර මෙම අනාවරණය නිර්භීත එකක් බව පවසමින් බොලිවුඩයේ පාර්ශව රැසක් අදහස් දක්වා තිබෙනවා.
මෙම අනාවරණය අගය කරමින් සල්මන් ඛාන් / ප්‍රියංකා චොප්රා / ට්වින්කල් ඛන්නා / පරිනීති චොප්රා ඇතුලු රංගන ශ්ලිපීන් පවසන්නේ මෙවන් හිංසන බොලිවුඩ් සිනමාව තුල සිදුවීම වැලැක්විය යුතු බවයි.
මෙවන් සිදුවීම් බහුලව සිදුවුවද ඒ පිළිබද නිර්භීතව හෙලිකිරීමට රංගන ශිල්පිණියන්ට ධෛර්්‍යය නොමැති බවයි තවත් පිරිසක් පෙන්වා දෙන්නේ.මේ අතර රංගන ශිල්පී නානා පටේකාර් පවසන්නේ අද දිනයේදී තම නීතීඥවරුන් හරහා තනුශ්‍රී දත්තා වෙත එන්තරවාසියක් යොමුකරන බවයි.
ඒ තමන්ගේ කීර්තිනාමයට හානි කිරීමේ චෝදනා මතයි.