නීතීඥ සංගමයේ සභාපතිගෙන් කොන්දේසි විරහිත සමාව ඉල්ලීමක් ?

ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක සභාවේ අනුමැතියකින් තොරව මාධ්‍ය හමුවක අදහස් දැක්වීම තුළින් තමා වරදක් කර ඇති බව එහි සභාපති ජනාධිපති නීතීඥ යු.ආර් ද සිල්වා මහතා පිළිගෙන ඒ සම්බන්ධයෙන් කොන්දේසි විරහිත සමාවක් ඉල්ලීමට එකගව ඇති බව  වාර්තාවනවා.

ඒ සභාපතිවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව මහ සම්මේලනය කැදවන ලෙස ඉල්ලමින් එහි විධායක සභිකයින් පිරිසක් යොමුකළ ලිපිය පිළිබද අවධානය යොමුකරමිනුයි.
මෙම සමාව ඉල්ලීම පිළිබඳ විසිදහසක් පමණ වන ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සියළුම සාමාජිකයින්ට දැනුම් දී මාධ්‍ය නිවේදන නිකුත් කිරීමටද එකඟවීම හේතුවෙන් මහ සම්මේලනය කැදවීමෙන් වැලකීමට එකගතාවයක් ඇති කරගත් බවද ප්‍රකාශිතයි.

කොළඹ අලුත්කඬේ පිහිටි ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ ශ‍්‍රවණාගාරයේදී නීතීඥ සංගමයේ විධායක සභාව සහ නීතීඥ සංගමයේ සාමාජිකයින් පිරිසක් සමඟ පැවැත්වු සාකච්ඡාවකින් පසු මෙම එකගතාවයට එලඹ තිබෙනවා.