You are here
Home > ගොසිප් > නීල ලෝහිත පැහැ සද අද රාත්‍රීයේ නරඹන්න

නීල ලෝහිත පැහැ සද අද රාත්‍රීයේ නරඹන්න

වසර 152කින් උදාවන විරළ අවස්ථාවක් වන නීල සඳක් සහ පූර්ණ ලෝහිත චන්ද්‍ර ග‍්‍රහණයක් එකවර දැක ගැනීමට අද ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව හිමි වේ.

එකම මාසයක දෙවරක් පූර්ණ චන්ද්‍රයා දිස්වීම නීල චන්ද්‍රයා ලෙසින් හඳුන්වන අතර පසුගිය ජනවාරි 01වන දා ආකාරයටම අද දිනයේත් පූර්ණ චන්ද්‍රයා දිස්වේ.

මහාචාර්ය චන්දන ජයරත්න පැවසුවේ, වෙනත් පොහෝ දිනවලට වඩා මෙම පොහෝ දිනයේදී චන්ද්‍රයා 14% ගුණයකින් විශාලව පෙනෙන අතර 30% කින් පමණ දීප්තිය වැඩි වන බව ය.

මේ අතර වසරේ පළමු චන්ද්‍ර ග‍්‍රහණය ද හෙට දිනයේ සිදුවන අතර එය මෙරට වේලාවෙන් පස්වරු 04.21ට පමණ ආරම්භ වනු ඇති.

ශ්‍රී ලංකාවට දිස්වන්නේ එහි අවසන් කොටස පමණි.

පූර්ණ චන්ද්‍ර ග‍්‍රහණ අවස්ථාව පස්වරු 06.22 සිට 7.38 දක්වා පවතින අතර රාත‍්‍රී 9.38ට චන්ද්‍ර ග‍්‍රහණය අවසන් වන බව මහචාර්ය ජයරත්න පැවසුවේ ය.

ආසියානු රටවල්වලට, ඔස්ට්‍රේලියාව, පැසිෆික් කලාපයට සහ උතුරු අමෙරිකාවේ බොහෝ රටවල්වලට මෙය දිස්වේ.

ඇතැම් අවස්ථාවල සම්පූර්ණ චන්ද්‍ර ග‍්‍රහණය හඳුන්වන්නේ බ්ලඞ් මූන් හෙවත් ලෝහිත චන්ද්‍රයා ලෙස ය.

සඳෙහි පෘෂ්ඨය වෙත රතු ආලෝකය පතිත වී පූර්ණ චන්ද්‍ර ග‍්‍රහණය අවස්ථාවේ අඳුරු පැහැයට වඩා රත් පැහැයක් ගන්නා විට එසේ හඳුන්වන බව චන්දන ජයරත්න පැවසුවේ ය.

සුපිරි සඳක් ඇති වන අවස්ථාවේ චන්ද්‍රයා වෙනදාට වඩා කිලෝමීටර 50,000ක් පමණ පෘථිවියට ආසන්නයෙන් ගමන් කරයි.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top