නේපාලයේදී 67 ක් ගමන් කළ ගුවන් යානයක් කඩා වැටේ

බංග්ලාදේශ ජාතික ගුවන් සේවයට අයත් යානයක් නේපාලයේ කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අනතුරට පත්ව තිබෙනවා.
එන් ඩී ටී වී පුවත් සේවය වාර්තා කළේ යානය අනතුරට පත්වන විට එහි පුද්ගලයින් 67 දෙනකු රැදී සිට ඇති බවයි.
අනතුරට පත් යානයේ සිටි 17 දෙනකු බේරා ගැනීමට සමත්ව ඇති අතර අනෙක් 50 දෙනා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණවී නැහැ.
ඔවුන් සොයා සෝදිසි මෙහෙයුම් සිදුකරන බවද රොයිටර් පුවත් සේවය වාර්තා කළා.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.