නොඛෙදුණු ස්පාඤ්ඤයක් වෙනුවෙන් බාර්සිලෝනාහී විරෝධයක්

ස්පාඤ්ඤයේ කැටලෝනියාව වෙනම රටක් බවට නම් කිරීමට එරෙහිව බාර්සිලෝනාහීදී දැවැන්ත පා ගමනක් ක්‍රියාත්මක වනවා.
බී බී සී පුවත් සේවය වාර්තා කළේ ස්පාඤ්ඤයේ එක්සත් බව වෙනුවෙන් විරෝධය ක්‍රියාත්මක බවයි.
කැටලෝනියා ප්‍රාන්තයට සම්බන්ධ සියලු බලධාරීන් වහාම අත්අඩංගුවට ගත යුතු බවයි විරෝධතාකරුවන් පවසන්නේ.
මෙම පා ගමනට කැටලෝනියා කලාපයේ පදිංචි ගෞරවණීය පුද්ගලයින් රැසක්ද එක්ව සිටිනවා.
කැටලෝනියාව වෙනම රටක් ලෙස නම් කිරීම අත්හිටුවා ස්පාඤ්ඤය නොඛෙදුණු රටක් ලෙස පවත්වා ගැනීමයි පා ගමනේ අරමුණ වන්නේ.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.21