නොයාර්ගේ පැහැර ගැනීම ගැන මහින්දගෙන් ප්‍රකාශයක් ගැනීමේ සූදානමක්

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස්‌ අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමේ සූදානමක් පවතින බව වාර්තාවනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනුයි.
මෙම සිද්ධියට අදාළව කථානායක කරු ජයසූරිය මහතාගෙන්ද මීට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන තිබුණා.
ඒ කීත් නොයාර් මහතා පැහැරගත් අවස්ථාවේ තමන් වහාම ඒ පිළිබද හිටපු ජනාධිපතිවරයා දැනුවත් කළ බැවින් නොයාර් මහතාගේ ජීවිතය බේරාගත හැකි වූ බවට කථානායකවරයා සිදුකර තිබූ ප්‍රකාශයට අදාළවයි.
මෙම පැහැරගැනීම පසුගිය රජය සමයේ සිදුවූ අතර එවක කරු ජයසූරිය මහතා මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබල අමාත්‍ය ධූරයක් දරනු ලැබුවා.