නොරොච්චෝලේ බලාගාරය අවට දරුවන්ට චර්ම රෝගයක්


නොරොච්චෝලේ බලාගාරය ආසන්න කලාපයේ වාසය කරන කුඩා දරුවන් අතර චර්ම රෝගයක් පැතිර ඇතැයි තොරතුරු අනාවරණ වනවා.
නොරොච්චෝලේ බලාගාරයයෙන් පිටවන ගල් කුඩු හේතුවෙන් මෙම පීඩා මතුව ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.
මෙම තත්ත්වය තුළ නොරොච්චෝලේ බලාගාරය ආසන්න බෝහෝ දෙනෙකු ඇඳුම රෝගයට ගොදුරු වී ඇති බවයි හෙළිව ඇත්තේ.
බලාගාරයෙන් නිකුත්වන කළු පැහැති කුඩු වර්ගයක් හේතුවෙන් ඒ ආසන්න කලාපයේ නිවාස හා ගස්වැල් අවපැහැගැන්වී ඇති ආකාරයද දීර්ඝ කාලයක සිට දැකගත හැකියි.
කෙසේ වෙතත් අප වාර්තාකරු සදහන් කළේ කිසිදු බලධාරියකු මෙතෙක් එම ජනතාව පිළිබද අවධානය යොමුකර නොමැති බවයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published.