Press "Enter" to skip to content

නොරොච්චෝලේ සම්පූර්ණයෙන්ම සක්‍රීය වෙයි


නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ දෙවැනි විදුලි ජනන යන්ත්‍රයේ හටගෙන තිබූ දෝෂය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

ලක් විජය බලාගාරයේ බලස්ථාන කළමණාකරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා පැවසුවේ අද දහවල් වන විට එම බලාගාරයෙන් විදුලිය සැපයීම සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවයි.

නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රියවීම සමග රට පුරා වරින් වර විදුලිය විසන්ධි කෙරුනු අතර දින 2ක් එම ගැටළුව පැවතුනා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න