නෝර්වුඩ් කම්හලක සේවිකාවන් 200ක් හදිසියේ රෝගී වෙයි

නොර්වුඩ් නිව්වැලිගම පෞද්ගලික ඇඟළුම් කර්මාන්ත ශාලාවක ඇඟළුම් සේවිකාවන් දෙසීයයකට ආසන්න පිරිසක් හදිසියේ රෝගාතුර වී දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර තිඛෙනවා.
ඇඟළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් එක්වරම සිහිසුන්ව ඇදවැටිම නිසා එම සේවිකාවන් රෝහල්ගත කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ඇගළුම් සේවිකාවන්ට උදැසන ඇගළුම් කර්මාන්ත ශාලාවෙන් ලබාදුන් ආහාර විෂ වීමෙන් මෙම තත්ත්වය මතුව ඇති බවටයි සැක කෙරෙන්නේ.
මේ අතර වාතාශ්‍රය අඩුවීම හේතුවෙන් මෙම පිරිස රෝගීවන්නට ඇති බවටද සැකයක් මතුව තිඛෙනවා.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.21