පකිස්ථානයට ගහන්න – මෝදිට බලපෑම්


පකිස්ථානයේ සහාය ලබන ත්‍රස්ත සංවිධානය එල්ල කළ ප්‍රහාරවලින් මිය ගිය හා තුවාල ලැබූ ඉන්දීය හමුදා සාමාජිකයින්ගේ පවුල් ඇතුලු පාර්ශව රැසකින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට බලපෑම් එල්ලවෙමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
එම වාර්තා පවසන්නේ පකිස්ථානයට එල්ල කළ ඉන්දීය ගුවන් ප්‍රහාරවල සාර්ථකත්වය පිළිබදවද එහිදී ප්‍රශ්න කර සිටින බවයි.
ඉන්දියාව එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පකිස්ථානයේ සහාය ලබන ත්‍රස්ත සාමාජිකයින් 300ක් මිය ගිය බවට වාර්තා පල කළද පකිස්ථානය එය ප්‍රතික්ෂේප කළා.
එහෙත් අදාළ ප්‍රහාරයට ලක්වූ ත්‍රස්ත සංවිධානයේ ප්‍රධානියකු හෙළි කළේ එයින් තම ප්‍රධාන පුහුණු කදවුරක් විනාශවූ බවයි.
කෙසේ වෙතත් එය තහවුරු කිරීමට ඉන්දීය රජය ප්‍රමාණවත් සාධක හෝ පකිස්ථානයේ ත්‍රස්තවාදීන්ට සිදුවූ විනාශය මෙන්ම මල සිරුරක් පවා ප්‍රදර්ශනය කිරීමට අසමත් බවටයි මෙහිදී චෝදනා එල්ලවී ඇත්තේ.
එබැවින් පකිස්ථානයට එරෙහිව පියවර ගන්නා ලෙසද පුද්ගලයින් රැසක්ම ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලීම් කර තිබෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.