පකිස්ථානය මාධ්‍යවේදිනියට ලිංගික බලපෑම් කළ ලාංකිකයා හෙළිවෙයි

පාකිස්තානු මාධ්‍යවේදිනී මුනාසා ජිලානි Munazza Jilani හට ලිංගික බලපෑම් එල්ල කළ Dialog ආසියාටා සමාගමේ අනුග්‍රහය මත ක්‍රියාත්මක ද පපරේ වෙබ් අඩවියේ ඡායාරූප ශිල්පියකු වන බවට කරුණු හෙළිව තිඛෙනවා.

ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිදහස් ජායාරූප ශිල්පියකු ලෙස කලක සිට ඡායාරූප ලබාදුන් අයකු බවයි පැවසෙන්නේ.

ඔහු සමීර පීරිස් නැමැත්තකු බවද අදාළ වාර්තා හෙළිකරනවා. මෙම ක්‍රියාව හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙන්ම මෙරට මාධ්‍යවේදීන්ටද දැඩි අපහාසයක් සිදුව ඇති බැවින් මීට අදාළව නීතිමය පියවර ගත් යුතු බවටයි අදහස් පලව ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අනුගමනය කරන පියවර පිළිබද මෙරට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයන්ද විමසිල්ලෙන් පසුවනවා.

Sameeradialog 4