You are here
Home > ආසන්න-පුවත් > පර්පචුවෙල් සහෝදර සමාගමේ සල්ලිගත් බව කියන මන්ත්‍රී හෙළිවෙයි

පර්පචුවෙල් සහෝදර සමාගමේ සල්ලිගත් බව කියන මන්ත්‍රී හෙළිවෙයි

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්  සමාගම් සමූහයේ සහෝදර සමාගමක් වන ‘වොල්ට් ඇන්ඞ් රෝ’ සමාගමෙන් දුන් චෙක් පතක් තමා ආරක්‍ෂාව සළසමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ දැනුම්දීම මත බැංකුවකින් මාරූ කොට රුපියල් මිලියනයක මුදලක් එම බැංකු රථගාලේදී මන්ත්‍රීවරයාට ලබාදුන් බව ඔහුගේ ආරක්‍ෂක නිලධාරීවරයා රහස් පොලිසියට පවසා ඇතැයි ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට අද දැනුම් දුන්නා.

මෙම සිද්ධියට අදාළව මන්ත්‍රී ආරක්‍ෂකයාගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලබාගනිද්දී ඔහු මේ බව අනාවරණය කොට ඇතැයි දැනුම් දුන් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා අදාළ මන්ත්‍රීවරයාගේ නම නඩු වාර්තාවේ සඳහන් කොට ඇතත් එම නම විවෘත අධිකරණයේදී නොපවසන බවද සදහන් කළා.

According to a further report (B report) filed into the magisterial inquiry over the Bond scam by the prosecution today, it was revealed that UPFA Parliamentarian Dayasiri Jayasekara (දයාසිරි ජයසේකර) had received a cheque of Rs.1 million from Walt & Row Associates-a Perpetual Treasuries Ltd related group company in 2015.(Daily Mirror)

රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ බවත් එම  විමර්ශනයේදී මන්ත්‍රී ආරක්‍ෂකයා විසින් මාරුකළ බව කියන චෙක් පත සොයාගෙන ඇති බවත් එහි මන්ත්‍රී ආරක්‍ෂකයාගේ අත්සන ඇති බවත් යසන්ත කෝදාගොඩ මහතා මෙහිදී සදහන් කළා.

එමෙන්ම ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමෙන් ලබාදුන් රුපියල් මිලියනයක චෙක් පතක් මාරු කොට එම සමාගමේම ප්‍රධාන විධායක නිලධාරීවරයාට බාරදුන් බව මෙන්ඩිස් සමාගමේ සේවකයෙක් රහස් පොලිසිය හමුවේ පිළිගෙන ඇතැයි දැනුම් දුන් යසන්ත කෝදාගොඩ මහතා ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම මෙන්ම ‘වොල්ට් ඇන්ඞ් රෝ’ සමාගමද එහි මුදල් වෙනත් පුද්ගලයින්ට දීමේ ක්‍රමවේදයක් අනුගමනය කොට ඇතැයිද හෙළිකර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැදුම්කර නිකුතුවේදී අක්‍රමිකතාවක් සිදුවීම සහ රජයට පාඩු සිදුකළැයි මාස තුනකට අධික කාලයක් පුරා සැකපිට රිමාන්ඞ් බාරයට පත් කොට සිටින පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්  සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන නමැත්තන් ලබන මස 07 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද නියෝග කළා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී අනාවරණය නොකළ යුතු මූල්‍ය සංවේදිතාවයක් ඇති රහස්‍ය තොරතුරු මහ බැංකුවේ යම් යම් පාර්ශ්වයන් විසින් ලබාදී තිබේද යන්න සම්බන්ධයනේ විමර්ශනයක් සිදුකරන ලෙසට මහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා 2016 නොවැම්බර් මස 25 වැනිදා පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණීල්ලකට අනුව රහස් පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කොට තිබෙනවා.

Top