පළාත් පාලන ආයතනවල පහසුකම් නැංවීමට පියවර / ඇමති ජේ සී අලවතුවල


අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ජාතික අපද්‍රව්‍ය කළමනාකරණ සහායක මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක පිරිසිදු නගරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් පළාත් පාලන ආයතන වෙත ලබාදීමේ වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 93කට අවශ්‍ය කසළ කළමනාකරණ රථ ලබාදීම සිදුකර තිබෙනවා.
ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදීයි.
මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා සදහන් කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින බවයි.
එසේම මෙම වැඩසටහන් රට පුරාම සාර්ථකව ක්‍රියාත්මක වන අතර ඒ හරහා ජනතාවට පුළුල් සේවාවක් ඉටු කිරීමට සිය අමාත්‍යාංශය කටයුතු කරන බවද ජේ සී අලවතුවල මහතා කියා සිටියා.
බාධා විවේචන එල්ල කිරීමට ඇතැම් දේශපාලන කණ්ඩායම් නිරන්තරයෙන් සැදී පැහැදී සිටියද ඒවාට ප්‍රතිචාර දැක්වීම වෙනුවට වැඩ කිරීමට කාලය වෙන් කිරීම වැදගත් බවයි ඔහු සදහන් කළේ.
2015 වසරෙන් පසු කුරුණෑගල දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් සිදුකරන වැඩසටහන් වල වර්ධනයක් ඇති අතර එය තවත් පෙරට ගෙනයන බවද අමාත්‍යවරයා අවධාරණය කළා.
මේ අතර කුරුණෑගල වැව රවුම සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියරය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවද මෙහිදී සිදුකෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා / රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා ඇතුලු මැති ඇමතිවරුන් රැසකගේ ප්‍රධානත්වයෙනුයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න
© 2019 Lanka A news - Theme by HappyThemes