පළාත් සභා ජන්දය ගැන අද තීරණාත්මක සාකච්ජාවක්

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්තවත් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.
ඒ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීරණයේදීයි.
පළාත් සභා සීමානිර්ණ අනුකමිටු නියෝජිතයන්/ මැතිවරණ කොමිසමේ නියෝජිතයන් හා දේශපාලන පක්‍ෂ නියෝජිතයන් මෙම සාකච්ජාවට එක්වනවා.
සීමා නිර්ණය කමිටුව මගින් විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත බාරදී ඇති කමිටු වාර්තාව සම්බන්ධ ඉදිරි පියවර පිළිබඳ මෙහිදී අවධානය යොමුකරනු ඇති.
පළාත් සභා මැතිවරණය නව මැතිවරණ ක්‍රමයට පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්‍ෂ බොහොමයක් විරෝධතාව පළකර තිබූ අතර, පැරණි ක්‍රමයට මැතිවරණය පවත්වන ලෙස ඔවුන් පසුගිය සතියේ පැවැති පක්‍ෂ නායක රැස්වීමේදී කථානායකවරයාට ප්‍රකාශ කර තිබුණා.
අද දිනයේ ඒ පිළිබද අවසන් තීරණයකට එළඹීමට නියමිතයි.