ප්‍රබලයෙක් පිල් මාරුවකට සාකච්ජාවක / ජාතික සංවිධායක ධූරයත් ඉල්ලලා

පවත්නා දේශපාලන වාතාවරණය තුල තවත් පිල් මාරුවීම් සිදුවිය හැකි බව විශ්වසනීය දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
ඒ අනුව ප්‍රධානතම දේශපාලන පක්ෂයක බලවතකු මේ වන විට පිල් මාරුවක් සම්බන්ධයෙන් සාකච්ජා පවත්වන අතරම ඔහු එම පක්ෂයට දැඩිව බලපෑම් කළ හැකි පුද්ගලයකු බවයි අනාවරණ වන්නේ.
එම තැනැත්තා විසින් සිය දේශපාලන පෙරළිය වෙනුවෙන් අනෙක් පාර්ශවයේ ජාතික සංවිධායක ධූරය අපේක්ෂා කර ඇති අතර ඒ පිළිබද මෙතෙක් අවසන් තීරණයක් නිකුත්ව නොමැති බවද එම වාර්තා හෙලි කළා.
යම් හෙයකින් එම ඉල්ලීම ඉටුවන්නේ නම් සිය පක්ෂයේ ආසන සංවිදායකවරුන් 30 ත් 40ත් අතර ප්‍රමාණයක් එක්වර තමන් සමග කැදවාගෙන එන බවටද මෙම ප්‍රබලයා ප්‍රතිඥාවක් ලබාදී ඇතැයි සදහන්.
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් යළිත් පොදු අපේක්ෂකයකු නම් කිරීමේ සූදානමක් ඇති අතර ඒ සමග මෙම ප්‍රබල දේශපාලන පිල් මාරුව සිදුවනු ඇති බවටද ඉඟි පලවනවා.
කෙසේ වෙතත් එය නිසැක ලෙසම සිදුවන්නේ නම් යළිත් දේශපාලනික බලය පිළිබද අර්බුධයක් හටගැනීම වැලැක්විය නොහැකි බවයි එම වාර්තා අනාවරණ කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *