You are here
Home > ක්‍රීඩා-පුවත් > ප්‍රබල ජර්මනිය පරදා 10 වන තරගය මෙක්සිකෝව ජය ගනී 1 – 0

ප්‍රබල ජර්මනිය පරදා 10 වන තරගය මෙක්සිකෝව ජය ගනී 1 – 0

2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 10 වන තරගයෙන් ජය ගැනීමට මෙක්සිකෝව සමත්වුණා.
ඒ ප්‍රබල ජර්මානු කණ්ඩායම ගෝල 1ට 0ක් ලෙස පරාජය කරමින්.
තරගයේ 35 වන මිනිත්තුවේදීයි මෙක්සිකෝව ගෝලය වාර්තා කළේ.
මීට පෙර පැවැති ලෝක කුසලාන 8කදීම අඛණ්ඩව පළමු තරගය ජය ගැනීමට ජර්මනිය සමත්ව සිටියා.
මෙක්සිකෝව අවසන් ලෝක කුසලාන 5 තුලම සිය පළමු තරගය පරාජයවී නොමැති අතර එය මෙවරද එසේම පවත්වා ගැනීමටයි ඔවුන් සමත්වුණේ.
කෙසේ වෙතත් මීට පෙර මෙක්සිකෝව හා ජර්මනිය අතර පාපන්දු තරග 11ක් පවත්වා තිබූ අතර ඉන් එක් තරගයක් පමණයි මෙක්සිකෝව ජය ගෙන තිබුණේ. ඉතිරි තරගවලින් 5ක් ජර්මනිය ජය ලබා තිබූ අතර අනෙක් තරග 5 සමවී තිබුණා.

Top