ප්‍රමාදවී විභාගයට ආ දෙදනකුට වුණු දේ

වේලාව වරදනා ගනිමින් විභාග මධ්‍යස්‌ථානයට පැමිණි උසස්‌ පෙළ අයදුම්කරුවන් දෙදෙනකුට අදාළ ප්‍රශ්න පත්‍රවලට මුහුණදීමේ අවස්ථාව අහිමිවී තිබෙනවා.
නියමිත වෙලාව පිළිබඳව අනවබෝධයෙන් කටයුතු කිරීම නිසා පාසල් අයදුම්කරුවකුට සහ පෞද්ගලික අයදුම්කරුවකුට මෙලෙස විභාග ප්‍රශ්න පත්‍රය මගහැරී ඇති බවයි විභාග කොමසාරිස්‌ ජනරාල් සනත් පූජිත මහතා සදහන් කළේ.
පෙරවරුවේ පැවැති විභාගයට මෙම විභාග අපේක්ෂකයින් පැමිණ ඇත්තේ පස්‌වරුවේයි.
එබැවින් තමන්ට නියමිත වෙලාව සම්බන්ධයෙන් අවබෝධයෙන් යුතුව කටයුතු කරන ලෙස සියලුම අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටින බවයි සනත් පූජිත මහතා සදහන් කරන්නේ.