ප්‍රවේශමෙන් / ලංකාවේ හොර දත් දොස්තරලා 3,000 ක්

ශ්‍රී ලංකාව තුල ව්‍යාජ දන්ත වෛද්‍යවරුන් 3,000ක් කටයුතු කරන බව රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති වෛද්‍ය හිලරි කුරේ මහතා පවසනවා.
ඔහු කියා සිටියේ එම ප්‍රමාණය සක්‍රීය සේවයේ නිරත නීත්‍යානුකූළ දන්ත වෛද්‍යවරුන් ප්‍රමාණයට වඩා වැඩි බවයි.
මේ වන විට දන්ත වෛද්‍යවරුන් 3,000 ක් වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී සිටියද ඉන් සේවයේ නියුතුව සිටින්නේ 2,500 කට ආසන්න පිරිසක් පමණයි.
ඒ අනුව මෙය රෝගීන් දැඩි අවධානමට ලක් කරන තත්ත්වයක් වන අතර ඒ පිළිබද ජනතාව සැලකිලිමත්වීම වැදගත් වන බවයි වෛද්‍ය හිලරි කුරේ මහතා කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *