ප්‍රීතිවි ෂාව් ගෙන් මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක්


සිය මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් රැස් කළ ලාබාලම ඉන්දීය පිතිකරුවා බවට පත්වීමට ඉන්දියාවේ ප්‍රිතිවි ෂාව් අද සමත් වුණා.
ඒ අද ආරම්භ වූ ඉන්දියා හා බටහිර ඉන්දීය කොදෙව් පලමු ටෙස්ට් තරගයේ දීයි. මෙහිදී පන්දු 99 කින් ඔහුගේ ශතකය වාර්තාවුණා.
ඉන්දියාවේ අනාගත තෙන්දුල්කාර් ලෙස හදුන්වන ඔහු 18 වන වියේ පසුවනවා.
ඒ අනුව පන්දුවාර 43 කදී ඉන්දීය පිලේ මුල් ඉනිම ලකුණු 212 ට කඩුලු 2ක් ලෙස සටහන්වූ අතර ප්‍රිතිවි ෂාව් නොදැව ලකුණු 116 ක් ලබා සිටියා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.

© 2019 Lanka A news - Theme by HappyThemes