පාඩු ලබන ශ්‍රී ලන්කන් යානා 4ක් හදන්න දීලා / ජවිපෙන් චෝදනා

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම දැවැන්ත අලාභයක් ලබමින් සිටින අතරතුර ඒ වෙනුවෙන් නව ගුවන් යානා 4ක් මේ වන විට නිෂ්පාදනය කරමින් පවතින බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
අද පැවැති ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ඒ පිළිබද මෙසේ අදහස් පල කළා.

සැප්තැම්බර් 20වැනිදා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කෝප් කමිටුවට ආවා. එහිදී හෙළිදරව් වුණා, ගුවන් යානා 4ක් මිලදී ගැනීම නැවැත්වීම සඳහා වන්දි ලෙස රු. මිලියන 16,000ක් ගෙවීමට සිදුවුණා කියලා. එම ආයතනය ගත්ත වැරදි තීරණ නිසා මේ තරම් මුදලක් රටට අහිමි වුණා. මෙවැනි වැරදි තීරණ නොගෙන හිටියා නම් අපේ රටේ බඩුමිල වැඩිවීම පාලනය කරගන්න ඒ මුදල් යොදවන්න තිබුණා. ඒ වගේම ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තවත් ගුවන් යානා 04ක් මිලදී ගැනීම සඳහා ගිවිසුම් අත්සන් කොට තිඛෙනවා. දැන් එම ගුවන්යානා විදේශ සමාගමක නිෂ්පාදනය වෙමින් තිඛෙනවා. නමුත් එම යානා මිලදී ගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙම ගැටළුව අපි පාර්ලිමේන්තුවේදී මතුකළා. මෙම යානා නිෂ්පාදනය නතර කිරීමට ආණ්ඩුව විදිහට මැදිහත් වෙන්න කියලා අපි යෝජනා කළා. ඒ මගින් අපිට ගෙවමට තිඛෙන වන්දි මුදල අවම කර ගැනීමේ හැකියාව තිඛෙනවා. නමුත් කිරිඇල්ල ඇමතිවරයා කියා සිටියේ කෝප් කමිටුවට ඒවා ගැන කතා කරන්න අයිතියක් නැහැ කියලා. අබ කෑ මිනිසාගේ මොළේ දනවා වගේ කිරිඇල්ල ඇමතිවරයාත් නිතරම කෝප් කමිටුවට කතා කරන්න අයිතියක් නැහැ කියලා විරුද්ධ වෙනවා. කෝප් කමිටුවට විරුද්ධව කතා කරපු රවී කරුණානායකට ඇමතිකමත් නැතිවුණා.
2016-2017 වර්ෂවල ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවත්වාගෙන ගොස් තිඛෙන්නේ ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් රු. ඩොලර් මිලියන 400ක ණයක් ලබාගෙන. රුපියල් මිලියන 60,000ක්. පහුගිය මෙහෙයුම් පාඩුව රු. මිලියන 28,000ක්. අද ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ගොඩ ගන්න බැරි තත්වයකයි තිඛෙන්නේ. ආණ්ඩුව කරන්නේ බඩු මිල වැඩිකරලා ජනතාවට බදු ගහලා ජනතාවගේ සල්ලිවලින් මෙවැනි ආයතන නඩත්තු කරන එකයි. ණයවලින් දුවන මේ ආයතනය 190කට වැඩි පිරිසක් මිලියනයකට වඩා වැටුප් ලබනවා. තවත් ඉහළ නිලධාරීන් කිහිප දෙනෙක් මිලියන 4ට වඩා වැටුපක් ගන්නවා. එදා වැරදි තීරණ ගත්තු අය අද සද්දයක් නැහැ. ඔවුන්ට ජීවන වියදම වැඩිවුණාට ප්‍රශ්නයක් නැහැ. මෙම ආයතන වැටුණේ ජනතාවගේ වරදින් නොවෙයි. මේවට වගකිව යුත්තේ සුදු කරපටි අපරාධකාරයෝ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Social media & sharing icons powered by UltimatelySocial