පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැදවයි

පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැදවීමට තීරණය කර තිඛෙනවා.
ඒ අනුව කථානායකවරයා පක්ෂ නායකයින් වෙත දැනුම්දී ඇත්තේ ලබන 9 වනදා පෙරවරු 10 ට මෙම රැස්වීම පැවැත්වෙන බවයි.
රටේ ආර්ථිකයේ කඩා වැටීමක් ඇතිවී, බරපතළ මූල්‍ය අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බැවින් වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස, ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන, කතානායක කරු ජයසූරිය හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගෙන් ඉල්ලීමක් සිදුකළා.
එම ඉල්ලීමට අනුව මෙසේ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බවත්, පාර්ලිමේන්තුව කඩිනමින් රැස්කෙරෙනු ඇතැයි විශ්වාසය පළකරන බවත් මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියා.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *