You are here
Home > ආසන්න-පුවත් > පාර්ලිමේන්තුවටත් ගංවතුර තර්ජනයක්

පාර්ලිමේන්තුවටත් ගංවතුර තර්ජනයක්

අධික වර්ෂාව සමග පාර්ලිමේන්තු සංකීරණය ජලයෙන් යටවීමේ අවධානමක් මතුව තිබෙනවා.
ඒ දියවන්නා ඔයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහළ යාම සමගයි.
ඒ අනුව වැඩිවන ජල මට්ටම පිළිබදව නාවික හමුදාවේ විශේෂ කණ්ඩායමක් අවධානය යොමුකර තිබෙනවා.
හදිසියේ ජල මට්ටම වැඩිවුවහොත් එය පාලනය කිරීම සදහා වැලි කොට්ට සූදානම් කර ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කළේ.
වර්ෂාව හේතුවෙන් 1992 හා 2010 වර්ෂවලදී පාර්ලිමේන්තු සංකීරණය ජලයෙන් යටවූ අතර 2016 වසරේදී පාර්ලිමේන්තුව ජලයෙන් යටවීමේ අවධානමක් මතුව තිබුණා.

Top