පාර්ලිමේන්තුවට ජන්ද පෙට්ටියක් ගෙන එයි – Breaking


අද පාර්ලිමේන්තු රැස්වීම ආරම්භවීමට නියමිතව තිබියදී පාර්ලිමේන්තුවට ජන්ද පෙට්ටියක් රැගෙනවිත් තිබෙනවා.
අප වාර්තාකරු සදහන් කළේ කවර අරමුණකින් මෙම ජන්ද පෙට්ටිය අද පාර්ලිමේන්තුවට රැගෙන ආවේද යන්න පිළිබද මෙතෙක් හෙලිව නොමැති බවයි.
කෙසේ වෙතත් අද දිනයේදී විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පෙරමුණ සූදානම්ව නොසිටින බවයි වාර්තාවන්නේ.
ඒ ජනාධිපතිවරයා විසින් නියමිත ක්‍රමවේදයට අනුව පමණක් විශ්වාසභංගයක් ගෙන එන ලෙස කළ ඉල්ලීමට අනුවයි.
කෙසේ වෙතත් අද පාර්ලිමේන්තුව තුල යම් රහස් ජන්දයක් විමසීමේ සූදානමක් ඇති බවටයි මෙම වාර්තා විශ්වාසය පල කරනු ලබන්නේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.

© 2019 Lanka A news - Theme by HappyThemes