You are here
Home > ආසන්න-පුවත් > පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රී පිරිසක් රහසිගත මෙහෙයුමක

පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රී පිරිසක් රහසිගත මෙහෙයුමක

දැනට ආණ්ඩුවේ කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම් දෙකක් පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගැනීම සම්බන්ධයෙන් රහසිගත සාකච්ඡා පවත්වමින් සිටිනා බව අනාවරණ වනවා.

එම කණ්ඩායමට නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 12 දෙනකු හා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 8 දෙනකු වන බවයි දැක්වෙන්නේ.

පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වූ අවස්ථාවේ ආණ්ඩුවෙන් ඉවත් වීම ගැන මැති ඇමැතිවරුන් විසින් එහිදී විවිධ අදහස් පළකර තිබුණි. එහිදී ජනාධිපතිවරයා කියා තිබුණේ 2020 දක්වා ශ්‍රීලනිපය මෙම රජය සමඟ කටයුතු කළහොත් පක්ෂය අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණ දෙනු ඇති බවයි.

මේ අතර එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් 8 දෙනකු මේ සතියේ කොළඹදී රහසිගත සාකච්ඡා කිහිපයක් පවත්වමින් වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට ඇති හැකියාව පිළිබඳව පොදු තීන්දුවකට එළඹුණු බව එම කණ්ඩායමේ ප්‍රකාශකයෙක් අනාවරණ කළා.

Top