පාර්ලිමේන්තු ගැටුමේ අලාභය දෙලක්ෂ හැට දාහයි

පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ ඇති වූ කළහකාරී සිදුවීම් හේතුවෙන් එහි දේපළවලට රුපියල් 260,000ක පමණ අලාභයක් සිදුව ඇති බව අනාවරණවී තිබෙනවා.

ඒ අතරින් වැඩිම අලාභයක් සිදුව ඇත්තේ මයික්‍රෆෝනවලටයි.
එම අගය රුපියල් 230,000 ක් වනවා.සභා ගර්භයේ කණු දෙකකට සිදුව ඇති අලාභය සදහන් වන්නේ රුපියල් 30,000 ක් ලෙසයි.

මෙහිදී පාර්ලිමේන්තු ගර්භයේ පැවැති එෛතිහාසික වටිනාකමකින් යුතු ග්‍රන්ථ කිහිපයකටද හානි සිදුව ඇති බවයි අනාවරණ කර ඇත්තේ.

සිද්ධියට අදාළව විමර්ෂණය කරන මන්ත්‍රී කමිටුව විසින් අවසන් වාර්තාව ලබාදුන් පසු වගකිව යුත්තන්ට එරෙහිව පියවර ගැනීමට නියමිතව තිබෙනවා.