You are here
Home > ආසන්න-පුවත් > පැරදුණු ඉන්දියාවෙන් ඔස්ට්‍රෙලියා පිලට ගල් ප්‍රහාරයක්

පැරදුණු ඉන්දියාවෙන් ඔස්ට්‍රෙලියා පිලට ගල් ප්‍රහාරයක්

සංචාරක ඔස්ට්‍රෙලියා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර ඊයේ පැවැති විස්සයි 20 තරගය ජයගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම ගමන්ගත් බස් රථයට ප්‍රහාරයක් එල්ලවී තිඛෙනවා.
ගුවහාති පැවැති තරගයෙන් අනතුරුවයි මෙම බස් රථයට ගල් ප්‍රහාර එල්ල කර තිබුණේ.
මෙහිදී කිසිදු ක්‍රීඩකයකුට අනතුරක් සිදුව නැහැ.
ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ආරොන් ෆින්ච් ගල්ප්‍රහාරය හේතුවෙන් හානි වූ බස් රියේ වීදුරුව සිය ට්විටර් ගිණුම හරහා ඡායාරූපයකින් පලකරමින් ප්‍රදර්ශනය කර තිබුණා.
මීට මාසයකට පෙර ඔස්ට්‍රේලියා කණ්ඩායම බංග්ලාදේශයේ කළ තරග සංචාරයේදීත් කණ්ඩායම ගමන්ගත් බස් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කෙරුණා.

Top