පැරිස් නුවරදී පිහි ඇනුමකින් 7කට තුවාල

ප්‍රංශයේ පැරිස් නුවරදී පුද්ගලයකු විසින් තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයින් 7 දෙනකුට තුවාල සිදුකර තිඛෙනවා.

බී බී සී පුවත් සේවය වාර්තා කළේ තුවාලකරුවන් අතරින් 4 දෙනකුගේ තත්ත්වය බරපතල බවයි.

සැකකරු ඇෆ්ගනිස්ථාන ජාතිකයකු වන අතර ඔහු ත්‍රස්ත සැකකරුවකු නොවන බවයි ප්‍රංශ පොලිසිය පවසන්නේ.

පිහිටයකට අමතරව යකඩ මුගුරක්ද ඔහු මෙම ප්‍රහාරයට භාවිතා කර තිඛෙනවා.

මේ වන විට සැකකරු අත්ඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ෂණ ක්‍රියාත්මකයි.