පැහැරගත් යානයේ කළු පෙට්ටිය හමුවෙයි

අමෙරිකාවේ සියැටල් ප්‍රාන්තයේදී ගුවන් තොටුපල සේවකයකු විසින් පැහැර ගැනීමෙන් පසු කඩා වැටුණු ගුවන් යානයේ කලු පෙට්ටිය සොයාගෙන තිඛෙනවා.
රොයිටර් පුවත් සේවය සදහන් කළේ යානය කඩා වැටුණු වනාන්තරය තුල තිබී එය හමුවූ බවයි.
මෙම පුද්ගලයා විසින් ගුවන් තොටුපලේ නවතා තිබූ මගීන් රහිත යානායක් පැහැරගත් අතර එය විනාඩි කිහිපයක් පියාසර කරවීමෙන් පසුවයි කඩා වැටුණේ.
ඊට පෙර යානය පසුපස ප්‍රහාරක යානා දෙකක් යෙදවීමටද අමෙරිකානු හමුදාව පියවර ගෙන තිබුණා.
යානය කඩා වැටුණු කලාපයේ මීටර 100ක ප්‍රදේශයක් විනාශවී ඇත්තේ යානය වනාන්තරය හරහා ඇදීයාම හේතුවෙනුයි.
සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.