පිදුරංගලදී නිරුවත පෙන්වූ දෙදෙනකු හදුනා ගනී

ඓතිහාසික පිදුරංගල ගල මුදුනේ සිට අඬ නිරුවත් ජායාරූප ලබා ගනිමින් සමාජ ජාල වෙත මුදා හරින ලද කණ්ඩායමේ තරුණයන් දෙදෙනකු පොලිසිය විසින් හදුනාගෙන තිබෙනවා.
පොලිසිය ප්‍රකාශ කළේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු සහ කුරුණෑගල ප්‍රදේශයේ තරුණයන් කිහිපදෙනෙකු මෙම සිද්ධියට සම්බන්ධ බව හෙළිව ඇති බවයි.
ඒ අනුව හදුනාගනු ලැබූ ගලේවෙල ප්‍රදේශයේ තරුණයින් අත්අඩංගුවට ගැනීමට සීගිරිය පොලිසිය විසින් විශේෂ කණ්ඩායමක්ද යොමුකර ඇති බවයි සීගිරිය පොලිසිය පවසන්නේ.
මෙම පිරිස හදුනා ගැනීමට අදාළ සහාය ෆේස් බුක් සමාජ ජාලයේ පරිශීලකයින් විසින්ම ලබාදී ඇති බවද පොලිසිය සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *