පිහි ඇණුමකින් තුවාල ලැබූ ජනපති අපේක්ෂකයා ඛේරා ගනී

මැතිවරණ ප්‍රචාරණය අතරතුර පිහි ඇනුම් ප්‍රහාරයකට ලක්වූ බ්‍රසීල ජනාධිපතිවරණයේ ඉදිරිපෙළ අපේක්ෂක ජෙයා බොල්සොනාරෝ ජීවිත අවදානමෙන් මිදී ඇති බව වෛද්‍යවරුන් පවසනවා.
පිහි ඇණුමෙන් ඔහුගේ අක්මාවට බරපතල හානි සිදුව ඇති අතර පැය 2ක සැත්කමකින් පසු වෛද්‍යවරුන් ඔහුගේ ජීවිතය ගලවාගත් බවයි නිවේදනය කළේ.
මැතිවරණ රැළියක් අතරතුර ආධාරකරුවන් විසින් ඔහු ඔසවාගෙන යමින් සිටියදී පිටුපසින් පැමිණි අයකු විසින් මෙම පිහි ඇණුම සිදුකර තිබුණා.
එහිදී වහාම රෝහල්ගත කළ අපේක්ෂකයා පිළිබද අපේක්ෂා තැබිය නොහැකි බවටයි වෛද්‍යවරුන් අනතුරු අගවා තිබුණේ.
ඉදිරි බ්‍රසීළ ජනාධිපතිවරණයට ලූලාද සිල්වා හිටපු ජනාධිපතිවරයාට තරග කිරීමේ අවස්ථාව අහිමි කිරීමෙන් පසු ඒ වෙනුවට ජෙයා බොල්සොනාරෝ ඉදිරිපත් කරන බවයි නිවේදනය කෙරුණේ.
ඔහු බ්‍රසීලයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ලෙසද හැදින්වෙන අතර ඉදිරි ජනාදිපතිවරණය ඔහු පහසුවෙන් ජය ලබනු ඇති බවටයි සමීක්ෂණ මගින් අනාවරණ කර තිබුණේ.