පුංචි ආණ්ඩුවල මන්ත්‍රීවරු මිලියන ගණනට විකිණෙයි

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සදහා මන්ත්‍රීවරුන්ගේ ඡන්දය ලබාගැනීමට රුපියල් ලක්ෂ දහයේ පටන් රුපියල් කෝටිය දක්වා මුදල් ලබාදෙන බවට තොරතුරු හෙළිවෙමින් පවතින බව පැෆරල් සංවිධානය පවසනවා.

පැෆරල් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ මෙය ජනතා පරමාධිපත්‍යය කෙලෙසීමක් ලෙසයි.
ජනතාව වැඩිම බලය හිමිකරදී තිබු පක්ෂයට එම පළාත් පාලන ආයතනයේ බලය හිමි නොවීම මහජන අභිලාෂයට එරෙහිව යාමක් ලෙස හැඳින්වූ රෝහණ හෙට්ටිආරච්චි මෙම තත්ත්වය මෙම මැතිවරණ ක්‍රමයේ ප්‍රබල අඩුපාඩුවක් බවත් පැහැදිලි කරනවා.

“පළාත් පාලන ආයතන 340 න් 138 ක පමණයි – තනි දේශපාලන පක්ෂයකට බලය පිහිටුවා ගන්න පුළුවන්. ඒ නිසා මේවනවිට මහජන නියෝජිතයෝ මුදලට හුවමාරු වෙමින් තිබෙනව,. මේක බරපතළ තත්ත්වයක්”

පළාත් පලාන ආයතන ගණනාවක වැඩි ඡන්ද ලබා ගත් ඇතැම් දේශපාලන පක්ෂවලට එම පළාත් පාලන ආයතනවල බලය අහිමිවීමේ සිදුවීම් කීපයක් දැනටමත් වාර්තා වී තිබෙනවා.
විශේෂයෙන්ම දෙහිවල-ගල්කිස්ස/ මිගමුව සහ ගාල්ල යන මහ නගර සභාවල බලය හිමි කරගත්තේ එහි දෙවැනි ස්ථානය ලබා සිටි දේශපාලන පක්ෂය වීම විශේෂත්වයක්.
එක්සත් ජාතික පක්ෂය එම මහ නගර සභා තුනේම ඉදිරියෙන් සිටියත් ඔවුන්ට එහි බලය ලබාගැනීමට නොහැකි වූයේ ශ්‍රී ලංකා න්.
ඒ ආකාරයටම තමන් පරාජය වී සිටි බලංගොඩ නගර සභාවේ සහ කටුනායක-සීදුව නගර සභාවේ බලය ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂයට වස්ථාව හිමිවුණා.
විශේෂයෙන්ම එම පළාත්පාලන ආයතනයන්හි දක්නට ලැබුණේ පක්ෂයේ තීරණයට එරෙහිව යමින් මන්ත්‍රීවරුන් ජන්දය ප්‍රකාශ කිරීමයි.