පුංචි ජන්දයට පාතාල නායකයින් 3ක් නාම යෝජනා දීලා


විවිධ අපරාධවලට සම්බන්ධ අපේක්ෂකයින් 32 දෙනෙකුට අධික පිරිසක් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව ඇති බව පැෆ්රල් සංවිධානය අනාවරණ කරනවා.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ, පාතාල අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් ද තොරතුරු හෙළි වී ඇති බවයි.

අම්පාර, කෑගල්ල, පුත්තලම, කුරුණෑගල, ගාල්ල, කළුතර හා කොළඹ වැනි දිස්ත්‍රක්කවලින් එවැනි නාම යෝජනා ලබා දුන් පිරිස් සිටින බවද සදහන්.

මේ අතර දරුණු අපරාධවලට සම්බන්ධ පාතාල නායකයින් 3 දෙනෙකු මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන බවට තොරතුරු ලැබී ඇතැයි ආරක්ෂක අංශ විසින්ද තහවුරු කර තිඛෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, වැලිගම සහ කොළඹ ප්‍රදේශයෙන් අදාළ අපේක්ෂකයින් මැතිවරණයට තරග කිරීමට නියමිතව ඇති බවයි.

එම අපේක්ෂකයින් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද එම පොලිස් නිලධාරීවරයා සදහන් කළා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published.