You are here
Home > ආසන්න-පුවත් > පුංචි ජන්දයට පෙර පිල් මාරු රැල්ලක් ?

පුංචි ජන්දයට පෙර පිල් මාරු රැල්ලක් ?

ඉදිරි පළාත් පාලන මැතිවරණය තුන්කොන් සටනක් බවට පත්වීමත් සමඟ නාමයෝජනා දිනයට පෙර පක්ෂ මාරු ගණනාවක් සිදුවනු ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග හෙළි කරනවා.

රජයේ අමාත්‍ය ධුර දරන තිදෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් පස් දෙනකු දැනටමත් මේ ගැන ඒකාබද්ධ විපක්ෂය සමඟ තීරණාත්මක සාකච්ඡාවක නිතර වෙමින් සිටින බවයි ප්‍රකාශ වන්නේ.

ඒකාබද්ධය හා ශ්‍රීල.නි.ප.ය අතර සමගිය වෙනුවෙන් කැපවී ක්‍රියාකළ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් තිදෙනකු සාම ප්‍රයත්නය අඩාලවීම ගැන කලකිරී ශ්‍රීල.නි.ප. සමඟ සාකච්ඡා කරමින් සිටින බවද අදාළ වාර්තා හෙළි කළා.

දැනට රජය සමඟ සිටින සුළු පක්ෂ දෙකක නායකයන් හා ආණ්ඩුවේ සිටින ප්‍රකට මන්ත්‍රීවරයකුද ගිය සතියේ හිටපු ජනාධිපතිවරයා සමඟ ඉදිරි පළාත් පාලන මැතිවරණය ගැන දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා ඇති අතර එහි තීරණ පිළිබද මෙතෙක් අනාවරණවී නැහැ.

Top