පුංචි ජන්දයේ ආයතන 93 ක නාම යෝජනා ගැසට් පත්‍රය 27 වනදා

පළාත් පාලන ආයතන 93 ක් වෙනුවෙන් නාම යෝජනා කැදවීමේ ගැසට් නිවේදනය ලබන 27 වනදා නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අද තීරණය කළා.
ඒ පස්වරුවේ පැවැති විශේෂ සාකච්ජාවකදීයි.
ඒ අනුව සීමා නිර්ණ හා සභික සංඛ්‍යාව දැක්වෙන ගැසට් නිවේදනයට අධිකරණය පැනවූ වාරණයෙන් බාධා නොවන පලාත් පාලන ආයතන වෙනුවෙන් මෙම ජන්ද විමසීම පැවැත්විමට නියමිතයි.
එම වාරණය දෙසැම්බර් 4 වනදා තෙක් බලපැවැත්වෙන අතර ඉන් පසු අනෙක් පලාත් පාලන ආයතන සම්බන්ධයෙන් ජන්ද විමසීම පිළිබද තීරණය කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *