පුංචි ජන්ද සභික ගැසට් පත්‍රයට යළිත් සංශෝධන

පළාත් පාලන ආයතන සඳහා සභික සංඛ්‍යාව ප්‍රකාශයට පත් කරමින් නිකුත් වූ ගැසට් නිවේදනයට සංශෝධනයක් ඉදිරිපත් කර තිඛෙනවා.
මුද්‍රණ  දෝෂයක් හේතුවෙන් අදාළ සංශෝධනය සිදුකර ඇති බවයි අනාවරණ වන්නේ.
අදාළ නව සංශෝධණ ඇතුළත් කරමින් නව ගැසට් පත්‍රයක් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ නිකුත් කර තිබුණා.
1987 අංක 15 දරණ ප්‍රදේශීය සභා පනතට අනුව පළාත් පාලන ආයතන සඳහා වන සභික  සංඛ්‍යාව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් පසුගිය නොවැම්බර් මස දෙවන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
එම ගැසට් පත්‍රයේ හාරිස්පත්තුව ප්‍රදේශීය සභාව සඳහා තෝරාපත් කරගත යුතු සභික  සංඛ්‍යාව 20ක් ලෙස සටහන් වුවද එය 22ක් විය යුතු බව නව සංශෝධනය මගින් දක්වා තිඛෙනවා.
රත්නපුර ප්‍රදේශීය සභාවේ සභික සංඛ්‍යවද පළමු ගැසට් පත්‍රයේ 20ක් ලෙස සටහන්ව ඇති අතර එය මුද්‍රණ දෝෂයක් බැවින් එම අගය 22ක් ලෙසයි නව ගැසට් පත්‍රයේ දක්වා ඇත්තේ.

 


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *