පුංචි තෙන්ඩුර්කාර් වැඩ අල්ලයි

ඉන්දීය සුපිරි ක්‍රීඩකයකු වූ සචින් තෙන්ඩුල්කාර්ගේ පුතු 18 වියේ පසුවන අර්ජුන් තෙන්ඩුල්කාර් දැනටමත් දැනටමත් ක්‍රීඩා පිටියේ දස්කම් දක්වයි. අර්ජුන් ඕස්ටේ්‍රලියාවේ සිඞ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය විසින් සංවිධානය කරන ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය – ගෝලිය අභියෝග කුසලාන සදහා පැවැත්වෙන තරගාවලිය සදහා සහභාවී සිටී.

මෙහිදී සිඞ්නි ක්‍රීඩාංගණයේදී පැවැති ඉන්දියා ක්‍රිකට් සමාජය සහ හොංකොං ක්‍රිකට් සමාජය අතර පැවැති තරගයේදී ආරම්භක පිතිකරුලෙස පැමිණි අර්ජුන් පන්දු 27 කට ලකුණු 48 ක් ලබාගත් අතර සහ ඕවර 4 කදී කඩුලු 4 ක් දවාගනිමින් දස්කම් පෑමට සමත්විය.

සචින් තෙන්ඩුල්කාර් මෙන් නොව අර්ජුන් වමත් වේගපන්දු යවන්නකු මෙන්ම වමත් පිතිකරුවකුද වෙයි.අඩි හයක් උසැති අර්ජුන් ඕස්ටේ්‍රලියාවේ වමතින් වේගපන්දු යවන මිචෙල් ස්ටාර්ක් සහ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් අනුගමනය කරන බව පවසයි.

පසුගිය වසරේ පැවැති පුහුණු සැසියකදි අර්ජුන් දැමූ යෝකර් පන්දුවක් වැදීමෙන් එංගලන්ත පිතිකරු ජොනී බෙයාස්ටෝට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමටද සිදුවිය.

මේ ජනවාරි 7 වැනිදා සිට 14 වැනිදා දක්වා මෙම තරගාවලිය පැවැත්වෙන අතර මෙම තරගාවලියට සහභාගීවන කණ්ඩායම් 8කි. එස්.සී.ජී ඞෂ, මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය, ඉන්දියා ක්‍රීඩකයන්ගේ සමාජය, සිංගප්පූරූ ක්‍රිකට් සමාජය, හොංකොං ක්‍රිකට් සමාජය, දකුණු ඕස්ටේ්‍රලියා ක්‍රිකට් සංගමය, සිංගලීස් ක්‍රිකට් සමාජය සහ ඉසින්ගරී කණ්ඩායම් මෙම කණ්ඩායම් අටට ඇතුලත්වේ.