You are here
Home > විදෙස් > පුටින් සිව්වන වරටත් දිවුරුම් දෙයි

පුටින් සිව්වන වරටත් දිවුරුම් දෙයි

රුසියානු ජනාධිපතිවරයා වශයෙන් විලැද්මියර් පුටින් මහතා අද සිව්වන වරටත් දිවුරුම්දී තිබෙනවා.
රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ක්‍රෙම්ලිනයේදී මෙම දිවුරුම්දීම සිදුවූ බවයි.
ඒ අනුව මේ වන විට වසර 18 ක කාලයක් පුටින් මහතා රුසියාවේ ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා ලෙස බලය හොබවා ඇති අතර එරට විපක්ෂය චෝදනා කරන්නේ ඔහු ඒකාධිපතියකු ලෙස බලය හිමිකරගෙන ඇති බවටයි.
මේ අතර අද දිවුරුම්දීමේ උත්සවයට විරෝධය පල කරමින් විපක්ෂ ආධාරකරුවන් පිරිසක් කලබලකාරී ලෙස හැසිරී තිබෙනවා.
රොයිටර් වාර්තා පවසන්නේ මොස්කව් නගරයේ ඒ හේතුවෙන් දැඩි ආරක්ෂක රැකවල්ද පැවති බවයි.
විරෝධතාවලට සම්බන්ධවූ පුද්ගලයින් දහසක් පමණ පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිමය පියවර නුගමනය කරන බවයි රුසියානු වාර්තා පවසන්නේ.

Top