පෙට්‍රල් සිද්ධියෙන් අයි ඕ සී ඛේරන්න රහස් මෙහෙයුමක් ?

මෙරට තුල හටගත් පෙට්‍රල් හිගය සම්බන්ධ සිද්ධියෙන් ඉන්දියන් ඔයිල් සමාගම ඛේරා ගැනීමට රජයේ කසකාරයන් පිරිසක් එළියට පැමිණ ඇති බව ලංකා ඛනිජතෙල් පොදු සේවක සංගමයේ ලේකම් ඩී ජේ රාජකරුණා මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ එහි වරද සංස්ථාව මත පැවරීම මෙම කණ්ඩායමේ සැලසුම බවයි.
ඉන්දියන් ඔයිල් සමාගම විසින් මෙරටට ගෙන්වනලද බාල තෙල් නැව ප්‍රතික්ෂේප කිරීමෙන් පසු 31වනදා වනවිට ඉන්ධන නැවක් ගෙන්වා දෙන බවට ඔවුන් පොරොන්දු වුවත් එය ගෙන්වීම පමා කරමින් බාල ඉන්ධන නැව මෙරටට ගොඩබෑමට උත්සාහ කළ බවයි රාජකරුණා මහතා පෙන්වා දෙන්නේ.ග
එසේම ඉන්දියන් ඔයිල් සමාගම විසින් නියමිත පිරිවිතයෙන් යුක්ත තෙල් නැවක් 31වනදා වනවිට ගෙන්වන බවට පොරොන්දු වුවද ඔවුන් 30වනදා හදිසියේම පවසා ඇත්තේ අදාළ නැව නොපැමිණෙන බවයි.මේ ඒ පිළිබද අදහස් දැක්වූ ඩී ඒ රාජකරුණා මහතා.

“මෙම ගැටළුවට IOC සමාගම වැරදිකරු වුවහොත් ආණ්ඩුවේ තෙල් ටැංකි විකිණීමේ ක්‍රියාවලියට එය බාධාවක් වනුයේ ජනතාව අපසහුතාවයට පත් කළ IOC සමාගමට මෙම තෙල් ටැංකි සංකීර්ණය ලබාදීම ජනතා උදහසට ලක්වන කරුණක් වන බැවිනි. එම නිසා අනිවාර්යයෙන්ම IOC සමාගම නිදහස් කරනු ඇත.

එය පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගේ ප්‍රකාශයත් කැබිනට් අනුකමිටුව ක්‍රියාකරණ ආකාරයත් අනුව තහවුරු වේ. එසේනම් අනිවාර්යයයෙන්ම වැරදි කරු කළ යුත්තේ තෙල් සංස්ථාවයි. එනම් තෙල් සංස්ථාවේ නිලධාරීන්ය. එය ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිතිවල මාධ්‍ය සාකච්ඡා මගින් සිදු කරන ප්‍රකාශයන් තුළන්ද ගම්‍ය වේ.”

 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Social media & sharing icons powered by UltimatelySocial