පෙට්‍රල් හිගයෙන් තෙල් සංස්ථාවට වාර්තාගත ලාභයක්

දින කිහිපයක කාලයක් තෙල් හිඟයක් සමඟ ඇති වූ අධික ඉල්ලූම නිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාව දින හතරක් තුළ රුපියල් ලක්ෂ හාරසිය විසි දෙකක දැවැන්ත ලාභයක් ලබා තිඛෙනවා.
ශ්‍රී ලංකාවේ සමස්ත පෙට‍්‍රල් අලෙවිය  මෙට්‍රික් ටොන් ලක්ෂ 37ක් වන අතර ඉන් ලක්ෂ 32 අලෙවි කරනු ලබන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවයි. ඉතිරි ලක්ෂ පහ අලෙවි කරනු ලබන්නේ ඉන්දියන් තෙල් සමාගමයි.
පෙට‍්‍ර‍්‍රල් හිඟයක් ඇති  වූ පසුගිය 03 වෙනි දා සංස්ථාවෙන් පෙට‍්‍රල් නිකුත් නොකළ අතර 04 වෙනිදා පෙට‍්‍රල් ලීටර් හතළිස් හතර ලක්ෂයක් දල 05 වෙනිදා ලීටර් ලක්ෂ 10ක් ද 6 වෙනිදා ලක්ෂ 38ක් ද 07 වෙනිදා ලක්ෂ 39 වශයෙන් නිකුත් කර තිබුණා.

එම දින හතර තුළ සාමාන්‍ය දිනවල නිකුත් කරන පෙට‍්‍රල් ප‍්‍රමාණයට වඩා ලීටර් ලක්ෂ 26ක්  වැඩි පුර අලෙවි කර ඇති බවයි සංස්ථා වාර්තා හෙළිකරන්නේ.
සංස්ථාව අලෙවි කරනු ලබන පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් 16ක ලාබයක් ලබන අතර වැඩිපුර අලෙවි කරන ලද ලීටර ලක්ෂ 26න් රුපියල් ලක්ෂ 422ක අධි ලාභයක් සංස්ථාවට හිමිව තිඛෙනවා.
කෙසේ වෙතත් මින් ඉදිරියට ඉන්ධන අර්බුදයක් මතු නොවීම සඳහා මාස තුනකට අවශ්‍ය තොග පවත්වාගෙන යෑමටයි තෙල් සංස්ථාවේ අවධානය යොමුව ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *