පෙට් ස්කෑනර් යන්ත්‍රය අද සිට වැඩ

ජනතාවගේ ආධාර මත ලබාගත් පෙට් ස්කැනර් යන්ත්‍රය මහරගම අපේක්ෂා රෝහලේදී අද සිට සේවා සදහා යෙදවීම ආරම්භ කෙරෙනවා.
මෙම පෙට් ස්කැනර් යන්ත්‍රය පසුගිය වසරේ දෙසැම්බර් මස 24 දින ගුවන් මගින් ශ්‍රීලංකාවට ගෙන්වනු ලැබුවා.
ඒ සදහා වැය වූ සමස්ථ මුදල රුපියල් මිලියන 202 ක් .
මෙම යන්ත්‍රයෙන් පිළිකා රෝගය සියුම්ව හඳුනා ගත හැකි අතර මසකට ස්කෑන් 100 කට වැඩි සංඛ්‍යාවක් සිදු කළ හැකිවනවා.
මෙම යන්ත්‍රය ගෙන්වීමේ වැඩපිළිවෙලට කදීජා පදනම සහාය දැක්වූ අතර ඒ සදහා මාධ්‍ය ආයතන රැසක්ද සහය පල කර තිබුණා.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.