පෙරළියක් සමග ධම්මික පෙරේරා යළිත් අංක 1ට

ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් පාලක කොටස් හිමිකාරීත්වය දරනු ලබන හේලීස් පීඑල්සී, LMD 100 ව්‍යාපාර වර්ගීකරණයේ පළමු ස්ථානයට පැමිණීමට සමත්ව තිඛෙනවා. ඒ 2016/17 වසර සඳහා සිදුකරන ලද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුවයි. Æ016 වසරේ දී දෙවන ස්ථානයේ සිටි හේලීස් පීඑල්සී මෙවර පළමු ස්ථානයට පැමිණියේ එවර අංක 1 ස්ථානයට පත්ව සිටි ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී දෙවැනි තැනට පත්කරමිනි.
2016 නව වන ස්ථානයේ පසු වූ හැටන් නැෂනල් බැංකුව මෙවර මෙම ශ්‍රේණිගත කිරීමේ තෙවැනි තැන දක්වා උසස් වීම් ලැබ ඇති අතර කොමර්ෂල් බැංකුව සිව්වන ස්ථානයේ පසුවන්නේ පසුගිය වර තම ස්ථානය එලෙසම රැක ගනිමිනි.
LMD 100 ව්‍යාපාර වර්ගීකරණයේ පළමු සමාගම් 20 අතරට ධම්මික පෙරේරා මහතා බහුතර කොටස් හිමිකම දරන සමාගම් 4 ක් ඇතුළත් වීම විශේෂත්වයක්. එනම් පළමු ස්ථානය හේලීස් පීඑල්සී, 11 වන ස්ථානය සම්පත් බැංකුව, 16 වන ස්ථානය වැලිබල් වන් හා 18 වන ස්ථානය සිංගර් ශ්‍රී ලංකා ලෙසිනි.

2016/17 LMD 100 ව්‍යාපාර වර්ගීකරණයට අනුව පළමු ස්ථාන 20 පසුවන සමාගම්

1. හේලීස්
2. ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්
3. හැටන් නැෂනල් බැංකුව
4. කොමර්ෂල් බැංකුව
5. ලංකා ඔරික්ස් ලීසිං
6. ඩයලොග් ආසියාටා
7. සී ටී හෝල්ඩිංග්ස්
8. කාර්ගිල්ස්
9. ලංකා අයි ඕ සී
10. ශ්‍රී ලංකා ටෙලිකොම්
11. සම්පත් බැංකුව
12. කාර්සන් කම්බර්බැච්
13. බුකිට් ඩාරා
14. එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්
15. සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස්
16. වැලිබල් වන්
17. රිචඩ් පීරිස්
18. සිංගර් ශ්‍රී ලංකා
19. එයිට්කන් ස්පෙන්ස්
20. ඩිමෝ