Press "Enter" to skip to content

පොදු අපේක්ෂකයා වෙන්න වෙල්ගමටත් අවස්ථාවක් ?


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට ලබාදීම සඳහා ඒකාබද්ධ විපක්ෂය තුල සාකච්ජාවක් ආරම්භවී ඇතැයි වාර්තාවනවා.

ජනාධිපති අපේක්ෂකත්වයට මෛත්‍රීපාල සිරිසේන මහතා තරග කළහොත් ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ වෙනම තරග කළ යුතු බවටද මතයක් නිර්මාණයවී ඇති බවයි එම වාර්තා පවසන්නේ.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන පක්ෂයකද සහයෝගය කුමාර වෙල්ගමට හිමිවන බව මේ වන විටත් ප්‍රකාශවී ඇතැයිද අදාළ ආරංචි මාර්ග හෙළි කළා.

ඒ අනුව ඉදිරි දිනවල මීට අදාළ සාකච්ජාවක්  පැවැත්වෙනු ඇතැයිද එම වාර්තාවල සදහන්.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න