පොලිස්පතිගේ හැසිරීම ගැන ජනපතිගෙන් විවේචනයක්

රට තුල අපරාධ වර්ධනයවීම සම්බන්ධයෙන් හා පොලිස්පතිවරයාගේ ඇතැම් හැසිරීම් පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබ්නට් මණ්ඩල සාකච්ජාවේදී දැඩිව අදහස් පල කර ඇති බව වාර්තාවනවා.

පොලිස්පතිවරයාගේ හැසිරීම හේතුවෙන් වැඩි වශයෙන් අපහසුතාවයට පත්වන්නේ තමන් හා අගමැතිවරයා බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.එසේම පොලිස්පතිවරයා හේතුවෙන් ආණ්ඩුවද අපහසුතාවයට පත්වන බවයි ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ.
මේ අතර රට තුල අපරාධ ප්‍රමාණය අඩුවී ඇතැයි නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සිදුකළ ප්‍රකාශයක්ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රතික්ෂේප කර ඇති බව සදහන්.

අපරාධ මර්ධනය සදහා අවශ්‍ය ප්‍රමාණවත් පියවර පොලිසිය විසින් ගෙන නොමැති බැවින් පොලිසිය කඩිනමින් ප්‍රතිසංවිධානය විය යුතු බවටයි මෙහිදී අවධාරණය කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *